iranama
කරන වැඩේ හරියටම හරියන්න
නැකත සාදාගන්න
අපගේ ජීවිතයේ උපතේ සිට මරණය දක්වා සිදුවන අනේක විධ සිද්ධීන් උදෙසා අප නැකැත් බලා එම කටයුතු කිරීමට අනාදිමත් කාලයක සිට පුරුදුව සිටිමු.
එසේ නම් මෙම සාම්ප්‍රදායික කටයුත්තක් වී ඇති නැකත යනු කුමක්ද? එහි අන්තර්ගතය කුමක්ද? නැකත සාදා ගැනීමට පාදක කොට ගන්නේ මොනවාද? නැකතෙහි ඇති ඵලය කුමක්ද යන්න නැකතක් සාදා ගැනීමට ජ්‍යෙdතිෂවේදියා වෙත එන සේවාදායකයාද යම්තාක් දුරකට දැනගත යුතුය.
ශුභ නැකතක් යනුවෙන් අප අදහස් කරන්නේ විශ්වයේ පවතින ශක්තිය අපට යහපත් ආකාරයට බලපාන ලෙස එක් එක් කාර්යයන් අපේක්ෂිත ආකාරයට කරදරයකින් බාධාවකින් තොරව ඉටුකර ගැනීමට හැකියාවක් පවතින මුහුර්ථයටයි. එය තෝරා බේරා සාදා ගැනීම ඉතාමත් ඉවසීමකින් සහ දැඩි සැලකිල්ලකින් කළ යුතුම දෙයකි. මෙසේ සුබ නැකතක් සාදා ගැනීමේ ක්‍රම දෙකක් ගැන ජ්‍යෙdතිෂයේ සඳහන් වේ. ඒ,
1. මහා නක්ෂත්රයයි
2. චූල නක්ෂත්රයයි
මහා නක්ෂත්රය යනු අප වැඩි වශයෙන් භාවිත කරන ජන්ම නැකතට සීහෙන ආකාරයට පංචාංග ශුද්ධියද යොදාගෙන ශුභ හෝරාවක් අනුව නැකත් සාදා ගැනීමයි. මහා නක්ෂත්ර ක්‍රමයට නැකැත් සාදා ගන්නා ආකාරය මුහුර්ථ චින්තාමණිය, හෝරා හරණය, පලදාවලිය, වෘහත් සංහිතාව, මයිමතය ආදී මූලාශ්‍ර පොත්වල මැනවින් විස්තර කොට ඇත.
චූල නක්ෂත්ර ක්රමයේ දී සලකනුයේ පඤ්ච පක්ෂිය ආදී වෙනත් ක්‍රම අනුව ක්ෂණිකව නැකැත් ශුද්ධ කර ගැනීමයි. මේ පිළිබඳව ඉන්ද්‍රගුරුළුව, පඤ්ච පක්ෂිය, ඩිවාලිතය, ගරුඬ පුරාණය ආදී පොත්වල මනාව විස්තර කොට ඇත.
ශුභ නැකතක් සාදා ගැනීමේදී අනිවාර්යයෙන්ම සළකා බැලිය යුතු කාරණා කිහිපයක් තිබේ.
* උපන් නැකතට සීහෙන් සම්පත්, ක්ෂේම, සාධන, මෛත්‍රී, පරම මෛත්‍රී ආදී ශුභ නැකත්
* පංචාංග ශුද්ධිය
* ශුභ හෝරාව - පංචම කාලහෝරාව
* ශුභ දිශාව - සඳු සිටින දිශාව
* තත්කාල ග්‍රහචාරය බලවත් වීම යනාදියයි.
මෙසේ නැකැත් සෑදීමේදී බොහෝ දෙනා අවධානය යොමු නොකරන කරුණක් වන්නේ ජන්ම නැකතට සීහෙන නැකතක් ඇති දිනයක් තෝරා ගැනීමයි. ජන්ම නැකත යනු උපන් වේලාවේ විශ්ව ශක්තිය සකස් වී ඇති ආකාරය අනුව යෙදෙන නැකතයි. ජන්ම නැකතට අනුව සම්පත් නැකතකින් වැඩ කටයුතු ආරම්භ කළ විට අදාළ සම්පත් හිමි වේ. නිවාස නැකැත්වලට ඉතා ශුභයි.
සාධන නැකතකින් වැඩ කටයුතු ආරම්භ කළ විට අපේක්ෂිත අරමුණු කරා යැමේදී අවැසි හේතු සාධක සැපයේ. ක්ෂේම නැකතකින් ආරම්භ කළ විට අරමුණු කරා යැමේදී ශුභ අශුභ ක්‍රියාත්මක වේ.
මෛත්‍රී, පරම මෛත්‍රී නැකතකින් ආරම්භ කළ විට අපේක්ෂිත බලාපොරොත්තු ඉටු වේ. කටයුතුවලට අදාළ සම්පත් ලැබීම සිදු වේ. සියලු සැප සම්පත් හා අනුග්‍රාහක තත්ත්වයන් නිසි අයුරින් ලැබේ.
මෙසේ ජන්ම නැකතට සීහුමක් නොමැතිව විපත් නැකතකින් වැඩ ආරම්භ කළහොත් වැඩ කරගෙන යැමේදී සම්පත් හිඟ වේ. වැඩ අඩාල වීමට හේතු සාධක යෙදේ. පුද්ගලයන් තුළ අෙන්‍යාන්‍ය වශයෙන් ගැටලු පැනනඟී.
ප්‍රත්‍යාරී නැකතකින් පටන් ගැන්ම අතිශයින්ම අශුභ දායක වේ. කරන කියන කටයුතු කඩාකප්පල් වී රෝග ව්‍යාධි සෑදෙන අතර අනේක විධ කරදර බාධක මතු වේ. වධ නැකත ඉතාම අශුභයි. බලාපොරොත්තු කඩාකප්පල් වේ. ධන හානි හදිසි විපත් අනේක විධ දුක් දොම්නස් ඇති වේ.
ජන්ම නැකත ශුභ ගණයට නොගැනේ. මන්ද ජන්ම නැකතට අනෙක් කිසිදු නැකතක බලයක් එක් නොවන නිසාවෙනි.
මීට අමතරව තවද දස මහා දෝෂ, අශුභ හෝරා, රාහු කාලය, කෝණ මාස, මරු සිටින දිශාව වශයෙන් වූ අත්හළ යුතු කරුණු රාශියක් තිබේ.
ජ්‍යෙdතිෂයේ සඳහන් මූලික වැදගත් මූලධර්මයන්ට පටහැනි නොවන අන්දමින් ඊට අනුකූල ලෙස පංචාංගයටම නැකත් නොදී ප්‍රබල ග්‍රහ පිsහිටීමක් සහිතව තත්කාල මුහුර්ත කේන්ද්‍රය පිළියෙල කරයි නම් එය කාර්ය සිද්ධිය ඇති කරයි. සියලු බලයට වඩා සඳුගේ බලය ප්රමුඛ වේ. හෝරාහරණ ග්‍රන්ථයේ 200 වැනි පිටුවේ 492 වැනි ශ්ලෝකයෙන් දැක්වෙන්නේ මෙසේය.
තිථිරෙත ගුණා ප්රොත්තා චාරා ශෛaචච චතුර්දශ
සෘක්ෂාං ගොඩෂමිත්යාහුරි යොගශ්වාපී ශතාදිතං
ශහශ්රාධිතං සූරියා ශ්වනේද්ර ලක්ෂ ගුණස්ථිතං
වර්ජයිත්වා බලං සරිෙච් තස්මා චන්ද්‍ර බලං බලම්.
මෙහි අරුත මෙසේය. තිථියේ ගුණ 1 කි. දිනයේ වටිනාකම 14 කි. නැකතේ වටිනාකම 16 කි. යෝගයේ වටිනාකම 100 ට වැඩිය. සූර්යයාගේ බලය 1000 කි. චන්ද්‍රයාගේ ගුණ ලක්ෂයකි. මේ කිසිම බලයක් ගණන් නොගත්තත් චන්ද්‍රයාගේ බලයට බලය වන්නේය.
අදාළ සේවාදායකයාගේ ජන්ම නැකතට සීහෙන නැකතක් ඇති දිනයක් මෙන්ම අදාළ කරුණට ගැළපෙන නැකතක් ඇති දිනයක්ද තෝරාගත යුතුය. විශේෂයෙන් නිවාස හා විවාහ නැකත්වලදී මේ පිළිබඳව සැලකිලිමත් විය යුතුය. පුර පක්ෂයේ ශුභ දිනයක් වීමද ඉතා සුදුසුය.
උදාව පවතින හෝරාව පංචම කාලහෝරාව ආදිය ද ශුභ විය යුතු අතර කෝණ මාස පිළිබඳවද සැලකිලිමත් විය යුතුය. රවි ගමන් කරන රාශිය පිළිබඳව පරීක්ෂාකාරී විය යුතුය. එමෙන්ම කරුණට අදාළව ශුභ රාශියක් උදාව පැවතීමද වැදගත් වේ.
මේ ආකාරයට ඇතැම් අවස්ථාවල පටන් ගන්නා කාර්යයන් පටන් ගන්නා අවස්ථාවේදීම කරදරවලට මුහුණපෑම, කටයුතු අඩාල වීම, රෝගාතුර වීම වැනි තත්ත්වයන්ට පත්වේ. මෙවැනි දේවල් සිදු නොවන්නට ජ්‍යෙdතිෂවේදියා වෙත එන සේවාදායකයාද දැනගත යුතු කරුණක් වන්නේ තමාට අවශ්‍ය දිනය, මාසය, තමා කලින් තීරණය කර නැකත් ඉල්ලූ විට නැකැත්දීම අසීරු බවයි. පංචාංග ලිත බලා පංචාංග ශුද්ධිය පමණක් ඇති දිනයක අනෙක් කාරණා නොවිමසා ගන්නා නැකතේ බලය අඩුය.
සෑම අයෙකුගේම අපේක්ෂාව තමන් කරන කියන සෑම කාර්යයක්ම සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වනු දැකීමය. එසේ දහසකුත් එකක් අපේක්ෂාවන් පොදි බැඳගෙන තමාගේ කාලයත්, ධනයත්, ශ්‍රමයත් වැයකොට නිවසක් ඉදිකිරීමට උත්සාහ කළත් අත්තිවාරම පමණක් දමා ඉතිරි කොටස ගොඩනැංවීමට නොහැකිව කරදර බාධක ඇතිවී තිබෙන අයුරු අත්දැක තිබේ. මෙම බාධකවලට හේතූන් එකින් එක පරීක්ෂා කිරීමේදී ඉන් සමහරක් වාස්තු දෝෂ නොවන අතර නැකත් දෝෂ බව අනාවරණය විය. ඒ අනුව බිඳවැටී තිබුණු ඔවුන්ගේ සිත් ධෛර්යමත් කොට නැවත වරක් අවශ්‍ය කටයුතු කරදී වැඩ ආරම්භ කිරීමට උපදෙස් දීමෙන් අනතුරුව සියලු කටයුතු සාර්ථක විය.
මෙසේ නැකතක් සාර්ථක හෝ අසාර්ථක වීමට කාරණා ගණනාවක්ම බලපාන බව පැහැදිලිය. සේවාදායකයාට ඔහු හෝ ඇය පැමිණෙන්නේ කුමන කාර්යයක් සඳහා නැකත් ලබා ගැනීමටද, එම කාර්යය සඳහා උචිත නැකතක් ලබාදීමේදී නැකතෙහි ඇති වැදගත්කම සහ එහි අරුත කියාදී, කාර්ය සිද්ධිය ඇති කරන්නා වූ නැකත් සාදා දිය යුතුය. මේ සඳහා ජ්‍යෙdතිෂවේදියාද මුදලට පමණක් සීමා නොවී ශාස්ත්‍රීය නියමයන් පාදක කොටගෙන සමාජයේ සිදුවන දෑ පිළිබඳව පුළුල් අවබෝධයකින් යුක්තව සේවාදායකයාව දැනුවත් කර අදාළ කාර්යයට වඩාත් උචිත මුහුර්තයන් සාදා දිය යුතුය. එසේ කිරීම මගින් සර්ව ප්‍රකාරයෙන් සාර්ථක මුහුර්තයක් සේවා දායකයාට ලබාදීමට හැකිවනු ඇත.
වැඩිදුර විස්තර 0771268646 අංකය මගින් නොමිලේ ලබාගත හැක.
ජ්‍යෙතිෂවේදිනී, තුෂාරා වික්‍රමසිංහ
Wmqgd .ekSu ��; mqj;a m; weiqfrks